Crypto Start කරන්නෙ - CryptoMoons

Latest

CryptoMoon

Sunday, December 3, 2017

Crypto Start කරන්නෙ



Crypto Trading කරන විදිහ ගැන ගොඩක් දෙනෙක් මේ දවස්වල නිතර නිතර අසන ප්‍රශ්න වලට කොහොම හරි help එකක් කරන්න ඕන කියලා හිතුන නිසාත් මම වගේම මේ Field එකෙන් profit එකක් ගන්න අනිත් අයටත් හොද අවස්තාවක් සහ හොදම කාලයක් වන නිසාත් මේ post එක හදිසියේම ලියන්න තීරණය කලා.. සමහර විට මේ post එක කියවන දකින අය මට වඩා හොදින් මේ ගැන දන්න අය වෙන්න පුලුවන්. ඉතින් මම කාරුණික ඉල්ලීමක් කරනවා වැරදි අඩුපාඩු ඇත්නම් නිහතමාණීව ඒවා පෙන්වා දෙන්න කියලා. මම post ලියන්න blog ලියන්න දක්ෂ පොරක් නම් නෙමෙයි. මේ field එක කරලා ගත්ත experience එකෙන් තමයි post එක ලියන්නෙ.
හරි දැන් ඒ කතාවලින් වැඩක්නෑ අපි බලමු මේ Crypto Trading කරන්නෙ කොහොමද​ කියන එක ගැන..ඒ සෑම දෙයක්ම පිලිවෙලින් පහලට සදහන් කරගෙන යන්නම්..
1. මොනවද Crypto Currencies කියන්නෙ?               
                                         ඔයාලා ගොඩක් දෙනෙක් මේ වෙනකොට දන්නවා ඇති Bitcoin කියන්නෙ මොනවගේ දෙයක්ද, කොහොමද btc වල වටිනාකම තීරණය වෙන්නෙ සහ තව ගොඩක් දේවල්. Btc ගැන කිසිම දෙයක් දන්නෙ නැති අය ඉන්නවනම් BITCOIN ගැන දැනගමු ලිපිය කියවලා එන්න.
                                         කොහොම නමුත් Crypto currency යනු පොදුවෙ ගත්තොත් USD, EUR, GBP, LKR වගේම එක්තරා මුදල් ඒකකයක්. මේ Crypto currency කිසිම වෙලාවක පියවි ඇසින් දැක ගැනීමෙ හැකියාවක් නැහැ. මොකද මෙම මුදල් Digital Currencies නිසා පරිඝණක පද්ධතියක් හරහාම පමණයි දැක ගැනීමට හැකියාවක් තියෙන්නෙ. අපිට මෙම මුදල් බැංකු ගිණුමකට ලබා ගැනීමට අවශ්‍යයිනම් අනිවාර්යෙන් Crypto Currencies හුවමාරු(Exchanger) කරන සේවාවක් මගින් රුපියල් බවට හෝ USD වලට හුවමාරු කරගත යුතුමයි.
.
Crypto Trading හා Forex Trading අතර වෙනසක් තියෙනවද?
Forex Trading :-                    
                   මේ ප්‍රශ්නය නිතර ගොඩක් අය අහන දෙයක් නිසා මම සරල අදහසක් දෙන්නම්..Forex ගැන මම මහා ලොකුවට දන්නෙනම් නැහැ ඒත් දන්න විදිහට තේරුම් කරන්නම්.. Forex යනු විදේශ විනිමය වෙලද පොලයි. මෙහිදි සාමාන්‍යයෙන් සිදුවෙන්නෙ දැනට ලෝකයේ ඇති සියලුම මුදල් වර්ගවල වටිනාකම ඉහල හෝ පහල යෑම තීරනය වීමයි.ලංකාවෙ කොටස් වෙලද පොලේ විදිහටමයි අපේ රුපියලේ අගය අඩු වැඩි වෙන්නෙත් මේ කියන විදේශ විනිමය වෙලද පොල හරහායි..                                             
                       ඉතින් Forex trading වලදී කරන්නෙ හොද Broker සමාගමක් හරහා දැනට ලෝකයේ තියෙන ප්‍රධාන මුදල් වර්ග යුගලයක් ( Currency pair)  (Ex: EUR/USD, GBP/USD) අතර වර්ථමානයේ හෝ අනාගතයේදි එක් මුදල් වර්ගයක වටිනාකම ඉහල පහල යෑම ගැන අනාවැකි හෝ නිගමනයක් සිදුකර ගැනීමෙන් පසුව එ මුදල් වර්ගයේ වටිනාකම ඉහලට යනවනම් buy order එකක් හෝ පහලට යනවානම් sell order එකක් දැමීමයි. පසුව Order එක profit වීමෙන් ප්‍රතිලාභයක් ලබා ගැනීමයි. නමුත් අපි දාන order එක Loss වෙන දිහාවටම දිගින් දිගටම ගියොත් Stop loss වගෙ දෙයක් නොකර අපේ ගිණුම සම්පූර්ණයෙන්ම Loss වෙනවා.. නිවැරදි Money management එකකින් කලොත් තමයි account එක loss නොවී පවත්වගෙන යමින් Profit එකක් ලබාගන්න පුලුවන් වෙන්නෙ. මේක තමයි සරලවම Forex trading වලදී සිදුවන්නෙ. ඉගෙන ගන්නවනම් මේ ක්ෂෙත්‍රයේ ගොඩාක් තියෙනවා දැනට මේ ටික මතක තියාගන්නකො..නැත්ත්නම් post එක වෙනම දිහාවකට ගලාගෙන යයි හිටං..
Crypto Trading :-
                                 දැනට ලෝකයේ Crypto Currency වර්ග 1000 පමණ තිබුණත් Base Currency Systems විදිහට Bitcoin හා Ethereum සදහන් කරන්න පුලුවන්. දැන් මේ වෙද්දි bitcoin එකක වටිනාකම 1780$ පමණ වෙනවා කොහොමද නේද එකක් හරි තිබුනනම්. ඉතින් Forex trading වලදී වගේ අපි Currency pair භාවිතයෙන් Buy sell කරන්න ඕන නෑ Crypto Trading වලදි කරන්නෙ මම කලින් කියපු Bitcoin වගෙ දවසක මිල ඉහලයාවි යැයි සිතන හොද Crypto currency මිල අඩුවට තියෙද්දි මිලදී අරන් තාවකාලිකව හෝ දිගු කාලීනව ගබඩා කර තබාගෙන මිල ඉහල ගියපසු විකුණා දැමීමයි.
                       මගෙ සරලම හැගීම(අදහස) Crypto trading කියන්නේ අනාගතය වෙනුවෙන් කරන්න පුලුවන් හොදම දිගු කාලීන හා කෙටිකාලීන ආයෝජනයි. forex trading වලදී වගේ buy , sell order දිහා බලන් ඉදලා account loss කරගන්නවට වඩා හොදයි crypto buy කරලා තියන් ඉන්න එක.. අද හෙට නැතත් කවදාහරි Price up වෙයිනෙ කියන හැගීමෙන් උනත් බලන් ඉන්න පුලුවන්.. කොච්චර අපි buy කරන crypto එකේ price down උනත් Forex වලදී වගේ account එකට කෙලවෙලාම යන්නෙ නෑනේ. ඒනිසා මමනම් Forex වලට වඩා Crypto trading හොදයි කියලා කියන්න කැමතියි.. එහෙමයි කියලා අවදානමක් නෑ කියලා හිතන්න එපා මොකද අපි buy කරන crypto සමහර වෙලාවට scam වෙන්න පුලුවන් නැත්නම් අපේ account එක හැක් වෙන්න පුලුවන්. ඒ නිසා අනිත් අන්තර්ජාල ආශ්‍රිත ව්‍යාපාර වල වගේම Crypto trading වලත් අවදානම කියන එක තියෙනවා.. Crypto trading වලදී Short term(කෙටිකාලීන), Long term(දිගු කාලීන) විදිහට Crypto buy කරලා ලාභ ලබාගන්න පුලුවන්.
මම ඒකට හොදම උදාහරණයක් දෙන්නම්
 .
සහල් vs අමුමිරිස් (හිනා වෙන්න එපා යකූලා)
.
                                ලංකාවේ අපි වගෙ බත්කන උන් දන්නවනේ සමහර කාලවල් වලට සහල් මිල අහස උසට නගිනවා හරියට මේ කාලේ වගෙ. ඉතින් රටේ තියෙන කෘෂිකර්මාන්ත ගැන රජය විසින් ගන්නා සමහර තීරණ ගැන කාලගුණය, දේශගුණය ගැන වගේ ආර්ථික news බලලා අපිට පුලුවන් සහල් හෝ වී මිල අඩු කාලෙකදී මිලදී අරන් ගබඩා කරලා තියාගන්න. නියං කාලයක් හෝ අධික වර්ෂා කාලයක් ආවොත් අනිවා රටේ සහල්හිගයක් එනවා අන්න ඒ කාලේ තමයි හොදම කාලේ අපේ Stock එකේ තියෙන සහල් වැඩි මිලකට අලෙවි කරලා ප්‍රතිලාභයක් ගන්න. මේ වගේ දේවල් මගින් දිගුකාලීනව වගේම කෙටිකාලීනව Profit ගන්න පුලුවන් මොකද හොදට ආරක්ෂාකාරීව Store කරලා තිබ්බොත් ඕන කාලයක් තියගන්න පුලුවන්..
                             ඒ වගේම අමුමිරිස් වගේ දේවල් සමහර කාලවලදි කිලෝඑකක් රුපියල් 1000 වඩා ගනන් යනවා ඒ අධික වර්ෂාව ඇති කාලවලට සැපයුම අඩු නිසයි. ඉතින් ඒ වගේ කාල වලදි ඉක්මන් වෙලා අරන් වික්කොත් තමයි හොද ලාභයක් ගන්න පුලුවන් වෙන්නෙ. නමුත් අමුමිරිස් වගේ දේවල් ගබඩාකරගෙන කාලයක් තියාගන්න බැහැ. අවධානමක් අරගෙන ඉක්මන් ප්‍රතිලාභ ගන්න තමයි තියෙන්නේ. මේ විදිහට තමයි අපි Crypto වලදිත් long terms short terms Currencies තෝරාගන්න ඕන. සමහර coins ඉක්මනටම market එකට ඇවිත් price up වෙලා scam වෙලා යනවා. ඒවගේම හොද coins මිල අඩු වැඩි වෙවී market එක තුල කාලාන්තරයක් රැදී සිටිනවා..
                              ඔය තේරුම් කලේ මට හිතෙන දැනෙන විදිහ සහ තෙරුම් ගත්ත විදිහ. සමහර විට මීට වඩා වෙනස්ම අදහස් තියෙන්නට පුලුවන් සහ වැඩිදුර අධ්‍යනය කරන්න අවශ්‍යයිනම් google කරලා ඕන තරම් විස්තර හොයාගන්න පුලුවන්. මේ ක්ෂේත්‍රයේදි අපි කියලා දෙන දේට වඩා තමන්ගෙ උනන්දුවයි උත්සහයයි තමයි ගොඩාක්ම වැදගත් වෙන්නෙ. 
සැම විටම මතක තබාගන්න….වඩාත් ලාබදායි සහ ආරක්‍ෂිත වන්නේ short term trading ය…..(මාගේ මතයයි)
 .
3.  Crypto trading පටන් ගන්න මුලින්ම මොකද්ද කරන්න ඕන?
 .
Step 1  
             මුලින්ම අපිට මේ සදහා අපේ රුපියල් භාවිතා කරලා bitcoin මිලදී ගන්න අවශ්‍ය වෙනවා. ඒ සදහා අපිට පුලුවන් අපේ Credit / debit card මගින් bitcoin මිලදී ගන්න.ඒක ටිකක් වියදම් වෙන වැඩක් මොකද Site fees වලට එහෙම ලොකු ගානක් යන නිසා. එහෙම නැතිනම් Bitcoin sell කරන කෙනෙකුගෙන් සාමාන්‍ය මිලට ලබාගන්නත් පුලුවන්.
සැ:යු මුදල් ගණුදෙනු සිදුකිරීමේදි තමන්ගෙ මුදල් වල ආරක්ෂාව තමන් සතුය. එමනිසා සෑම විටම
විශ්වාසවන්ත අය සමග පමණක් ගණුදෙනු සිදුකරන්න. අධික මිල ගණන්වලට අලෙවි කරන වංචාකාරයන්ට හසු නොවී තමන්ගේ වටිනා කාලය හා මුදල් ඉතිරි කරගන්න.
CREDIT/DEBIT CARD භාවිතා කරලා BITCOIN මිලදී ගමු ලිපිය කියවලා කැමතිනම් තමන්ගෙ Cards වලින් bitcoin මිලදී ගන්න
 .
Step 2
         අපි මිලදීගන්න bitcoin Store කරලා තියාගන්න walltet එකක් අවශ්‍ය වෙනවා. Walltet එකක් කියන්නෙ අන්තර්ජාල මුදල් ආරක්ෂිතව තබා ගන්නා පසුම්බියක් කියලා හිතාගන්නකො. BIT COIN WALLET එකක් නිවැරදිව හදාගමු ලිපිය කියවලා bitcoin Walltet එකක් හදාගන්න.
 .
Step 3
       ඊලගට අපිට අවශ්‍ය වෙනවා Crypto Trading කරන්න හොද Exchanger කෙනෙක් තෝරගන්න. Exchager කියන්නේ මොකද්ද කියලා දැනගන්න CRYPTO CURRENCIES BUY/SELL කරලා PROFIT එකක් ගමු ලිපිය කියවලා එන්න.
දැනට තියෙන හොදම Exchangers විදිහට Bittrex සහ Poloniex තමයි මමනම් Recommend කරන්නෙ.. පහල Official Links වලින් ගිහින් ඔයාලගේ Email Address එක දිලා Exchanger කෙනෙක්ගෙන් Register වෙන්න..
හරි මේ මම කියපු ගිණුම් නිවැරදිව හදාගැනීමෙන් පසු අපිට පුලුවන් අපේ මුදල් වලින් bitcoin මිලදී අරන් ඒ bitcoin ටික Coinbase walltet එකට අරගෙන ඊට පසුව Exchanger site එකට යවන්න. ගොඩක් දෙනා මේ පිලිවෙල නොදන්න නිසා මම bitcoin Exchanger එකට ගන්න ආකාරය පිලිවෙලින් රූපසටහන් ආකාරයෙන් පෙන්වන්නම්.
 .

Coin Base ගිණුමට BTC ගෙන්වා ගැනීම සහ වෙනත් ගිණුමකට යැවීම​

Deposit :-
.
Cex.io එකෙන් මිලදී ගත්ත  හරි වෙනකෙනෙක්ගෙන් හරි ඔයාගෙ ගිණුමට bitcoin ගෙන්වාගැනීමට ප​හත සදහන් ක්‍රම නිවැරදිව අනුගමනය කරන්න.

01  Deposit කිරීමට අවශ්‍ය Bitcoin Address ලබා ගන්න මුලින්ම  accounts කියන​ තැන ක්ලික් කරන්න​
02  Get bitcoin addresses ක්ලික් කර btc address එක ලබාගන්න තැනට යන්න​.
01 ඇති Bitcoin address එක Copy කරගන්න​ (Use mouse right click then copy)
(සැ:යු Crypto Transaction වලදී ගණු දෙනු සිදුවන්නෙ encrypt Address මගින් බව හොදින් මතක තබා ගන්න​ එම නිසා නිවැරදිම address එක ලබා දීමට සහ ලබා ගැනීමට වග බලා ගන්න​
Ex: ShNBgY4JuUQKbh54QB7akpYraNcdzrUQAC )

Sent BTC to Other Exchange or wallet

උඩින් ඔයාලා දකින්න ඇති නිවැරදිව bitcoin wallet එකට​ ගෙන්න ගන්න ආකාරය​. අපි ඒ විදිහට ගෙන්නනවා වගේමයි නිවැරදි address එකට යවන්නත් ඕන​.
01  ක්ලික් කර bitcoin යවන්න අවශ්‍ය Details  ලබාදෙන තැනට යන්න.
02 ​bitcoin යවන්න  අවශ්‍ය address එක නිවැරදිව ඇතුලත් කරන්න​. කොයිම වෙලාවකවත්  address එක type කරලා ඇතුලත් කරන්න එපා copy & paste  ක්‍රමය භාවිතා කරන්න​.
03 දැනට තමන්ගෙ bitcoins තියෙන wallet එක තෝරගන්න​.
04  තමන් අනෙක් ගිණුමට යැවීමට බලාපොරොත්තු වන මුදල් ප්‍රමණය bitcoin වලින් හෝ Usd වලින් ඇතුලත් කරන්න​
05 කැමතිනම්  Transaction එකට Note  දාන්න පුලුවන්…
Send funds click කරලා තමන්ගෙ Email එකට Log වෙන්න ඕන​. මොකද එකට එන Confirmation link එකෙන් තමයි Transaction සම්පුර්ණ වෙන්නෙ.

Poloniex exchanger සමග​ ගණුදෙන කරන හැටි

Bittrex  exchanger එකට කොහොමද Deposit, Trade කරන්නෙ කියන එක ගැන කලින් පෝස්ට් එකකින් (CRYPTO CURRENCIES BUY/SELL කරලා PROFIT එකක් ගමු )ඔයාලා දැනුවත් කරපු නිසා Poloniex Exchanger සමග Transaction, Trade කොහොමද​ කරන්නෙ කියලා පහත රූපසටහන් වලින් බලාගන්න​

Deposit

poloniex Exchange ගිණුමට Bitcoin deposit කරන ආකාරය තමයි පහතින් දක්වලා තියෙන්නෙ
01 එක ක්ලික් කිරීමෙන්  පසු 02 කිල්ක් කර Deposits and withdrawal page එකට යන්න​.

01 හා 02 ක්ලික් කර bitcoin address page එකට යන්න​. මෙතනදී BTC කියන එකට අදාලම Deposit එක කිලික් කරන්න හොදේ. නැතුව වෙන එකක එකක් දුන්නොත් අයියෝ සල්ලි තමයි
ඔය නිල් පාටින් Highlight කරලා තියෙන Address එකට තමයි Coinbase එකෙන් ඔයා bitcoin එවන්න ඕන​.. මම coinbase එකෙන් bitcoin යවන ආකාරය ගැන උඩින් රූපසටහන් එක්කම පෙන්නලා තියෙනවා..මෙතනදී එම ක්‍රමය නිවැරදිව අනුගමනය කරන්න​.

Withdrawal 

poloniex එකෙන් withdrawal කරනකොටත් අර deposit  කරනවා වගේම BTC withdrwal ක්ලික් කරන්න තියෙන්නෙ.


ඊට පස්සෙ 1,2,3 තියෙන පිලිවෙලින් Bitcoin address එක යවන්න අවශ්‍ය Bitcoins ප්‍රමාණය  ඇතුලත් කරලා withdrawal ක්ලික් කරන්න​..ඊට පස්සෙ coinbase එකේ වගේම email එකට ලොග් වෙලා transaction confirm කරන්න.

Crypto currency Buy or Sell කරන ආකාරය​

හරි දැන් අපි දන්නවා Coinbase එකෙන් Poloniex එකට deposit කරන්න  සහ Poloniex එකෙන් නැවත Withdraw කරන්නෙ කියන එක ගැන​. ඊට පස්සෙ අපි බලමු කොහොමද අපේ Poloniex  එකේ තියෙන BTC balance වලින්  crypto currency මිලදී ගන්නෙ කියලා.

01 කිලික් කර poloniex dashboard එකට ආවහම දකුණු පැත්තෙන් ඔයාලට දකින්න ලැබෙයි දැනට poloniex exchanger  එකෙන් buy sell කරන crypto currencies වර්ග මොනවද කියලා.
02 තියෙනවා වගේ තමන් Buy  කරන Currency එක තොරගන්න. (Click )​​


01 අපි Crypto currency එක මිලදී ගන්න බලාපොරොත්තු වෙන වටිනාකම සදහන් කරන්න​..එහෙම නැතිනම් 04 සදහන් වෙන්නෙ දැනට poloniex market එකේ  එම coin  එක​ විකිනීමට ඇති අඩුම මිලයි  එතන සදහන් මිලට මිලදී ගන්න කැමතිනම් ඒ අගය උඩ ක්ලික් කරන්න.
​02  අපි මිලදී ගන්න coins ප්‍රමාණය සදහන් කරන්න​.
03 අපේ ගණුදෙනුවේ සම්පූර්ණ වටිනාකම බලාගන්න පුලුවන්
Buy Click කරාට පසුව අපිට අපි buy කරපු Crypto ප්‍රමානය​ ලබාගන්න පුලුවන්.
05, 06, 07, 08, අපි Buy කරන​ ආකාරයෙන්මයි අපිට අපේ වටිනාකම වුනහම Sell කරන්න තියෙන්නෙත්. අපිට අපේ නිවැරදි මුදල් කලමණාකරනයක් සහ හොදට Crypto Market study කරන්න පුලුවන්නම් මේ විදිහට අඩුවට තියෙද්දි මිලදී අරන් වැඩි වුනහම විකුණලා අසීමිතව ලාභ ලබාගන්න පුලුවන්.


##Just #do # That#




No comments:

Post a Comment